ජීවිතය මහ පුදුමාකාර එකක්. මනුස්ස ජීවිතය කවදා කොහොම පටන් ගත්තද කියලා තාමත් අපි කවුරුවත් දන්නෙ නෑ. සමහරු හිතන් ඉන්නෙ අපි පැවත එන්නෙ ආදම් සහ ඒව ගෙන් කියලා. ඒ කොහොම වුණත් අද ලෝකය දිහා බැලුවමනම් ලොකු වෙනසක් දකින්න පුළුවන්. කුලය ගෝත්‍රය මනුෂ්‍ය වුණත් ඒ ඒ භු විෂමතාවල මිනිස්සු තම තමන්ගෙ ප්‍රශ්ණ වලට උත්තර හොයන්නෙ තමන්ට ආවේණික ක්‍රමයකට. උත්තර ධ්‍රැවයේ මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න වලට හොයා ගන්න උත්තර වලට සම්පූර්නයෙන්ම වෙනස් ක්‍රමයකට තමයි දක්ෂිණ ධ්‍රැවයෙ මිනිස්සු උත්තර හොයන්නෙ. මැද මිනිස්සු වෙනමම ක්‍රමයකට.
කොහෙම කොහේ දි වුණත් මිනිස්සු කියන කුලකයට ප්‍රශ්ණ මතු වෙන්නෙ එකම ක්‍රමයකට. ඒවට උත්තර හොයන විදිහ අනුව තමයි අපේ ජිවිත වෙනස් වෙන්නෙ. පොඩි ප්‍රශ්නයකටත් ජීවිතෙන් වන්දි ගෙවන අපේ උන් අතරෙ ලෝකෙ නැති ප්‍රශ්නත් තියෙන මිනිස්සුත් සතුටින් ජිවත් වෙනවා කියන එක අපි මතක තියා ගන්න ඕනෙ. ආදම් සහ ඒව මේක පටන් ගත්තට උන් දෙන්නට හිතෙන්නෙ නැතිව ඇති තත්වෙ මේ තරම් බරපතල වෙයි කියලා. අද ඒ තරමටම සමාජය සංකීර්ණ වෙලා. සැප, සතුට, ප්‍රශංසා වලදි උද්දාමයට පත්වෙනවා වගේම, දුකේදිත්, වේදනාවෙදිත් සමානව හිතන්න අපිට බුදු දහමෙ ඉගැන්නුවට ඕක මතක තියෙන්නෙ කීයෙන් කී දෙනාටද. පවතින සමාජ ක්‍රමය ඇතුලෙ මිනිස් කුලකය විසින්ම සොයා ගත්ත අසීමිත ආශාවන් අල්ල ගන්න බැරි වුණාම අපිට නොදැනුවත්වම අපි හෙම්බත් වෙනවා.
විඳින්න පුළුවන් ආදරයක් ඇතුලෙ විඳවන මිනිස්සු ඉන්න කොට උන්ගෙ ජීවිතවල ලොකු හිඩැස් ඇති වෙනවා. ගොඩක්වෙලාවට ජීවිතය පුරාවම ඒ දේ ගැන හිත හිත ඉන්නව මිසක් ජීවිතය අළුතින් දකින්න වුවමණාවක් ඇත්තෙම නෑ. එක පුද්ගලයෙක් මේ විදිහට විඳවනකොට පිටතින් බලන් ඉන්න තව එකෙකුට ඒක ලඳ බොළඳ විහිළුවක් විතරයි. ජීවිතේ එක් පැතිකඩක් විතරක් දකින මිනිස්සු බොහෝවිට ගත කරන්නෙ දුක්ඛිත ජීවිතයක්.
ප්‍රේමය ලොව හැම තැනම ඇති.........
හැම දෙනටම හමුවෙලා ඇති.......
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හදුනා ගත් කිසි කෙනෙක් නැති.......
සුන්දරයි කියන ආදරෙ ළඟ අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි නතර වෙලා ඇති. කෙනෙක් ආදරය උතුම් වස්තුවක්, විඳිය හැකි සුන්දර දෙයක් ලෙස දකින කොට තව කෙනෙක් ඒක ජීවිතයට වගතුවක් නැති කළ විනාශ කළ දෙයක් ලෙස දකීනව. ඒ අපි ප්‍රශ්ණවලට උත්තර හොයන විදිහ. ඒ නිසයි මම මුලින්ම කිව්වෙ අපේ මිනිස්සු ප්‍රශ්ණ වලට උත්තර හොයන්නෙ තමන්ගෙ ක්‍රමයකට. එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ.
ජීවිතයත් වෙලාවකට චිත්‍රපටියක් වගේ. හැබැයි හැම වෙලාවෙම නෙමෙයි මොකද චිත්‍රපටියට පිටපතක් තියෙනවා රඟපාන අය කලින්ම දන්නවා අන්තිමට මොකද්ද වෙන්නෙ කියලා ඒකයි වෙනස. කවුරු කොහෙම කිව්වත් ජීවිතේ ගලාගෙන යනවා. ගලාගෙන යන ජිවිතේ ඇතුලෙ අලුත් විදිහට හිතන්න පටන් ගත්තොත් ජීවිතය මීට වඩා සුන්දර වෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නෙ. විඳවන ජිවිත ඇතුලෙ ආදරය සුන්දරව ගලා යනව නම් ඒ තුල හරි අපේ මිනිස්සුන්ට විඳින්න යමක් ලැබෙයි.
විඳවන ජීවිතය විඳින ආදරය
- Friday, 9 August 2013
- By Ishuranga Wijesinghe